Tune Notes
සඳ තනිවෙලා අහසේ - හිරු තනිවෙලාඋතුරා ගැලූ ගඟුලක් - අද වියලිලාසුභ ගමන් සෙනෙහෙලතාවෙනි! නිවනින්ම සැනසීම ලැබේවා! Rest in peace 🏳️ (1947.04.30 -2025.05.24)මාලනි සෙනෙහෙලතා ෆොන්සේකා 1947 අප්‍රියෙල් 30 කැළණිය දී උපන් සම්මානනීය ශ්‍රී ලංකා චිත්‍රපට නිලියකි, "සිංහල සිනමාවේ නිලි රැජින" යන විරුදාවලියෙන් හඳුන්වන්නේද ඇයයි. දශක කීපයක් දිවෙන ඇගේ සිනමා රංගන දිවිය මුලින්ම ඇරඹෙන්නේ 1968 තිස්ස ලියනසූරියගේ "පුංචි බබා" චිත්‍රපටයෙනි. ඇය දක්ෂ නිලියක ලෙස හඳුනා ගැනෙන්නේ 1969 දී ජාතික නාට්‍ය උළෙලදී ''හොඳම නිලිය සම්මානය'' ලබා ගැනීමෙන් අනතුරුවයි. ඉන්පසු • 1980 දී හිගන කොල්ලා, • 1982 දී ආරාධනා, • 1983 දී යස ඉසුරු යන චිත්‍රපට වල විශිෂ්ඨ රංගනය හේතුවෙන් ඇය සරසවිය හොඳම නිළිය සම්මානය කීප විටක් දිනා ගත්තාය. 2010 දී ඇය ආසියාව තුල මෙතෙක් බිහි වූ දැවැන්ත රංගන ශිල්පීන් 25 දෙනා ගෙන් අයෙක් බව ඇමරිකානු CNN රූපවාහිනිය විසින් නම් කරනු ලැබීය. ඇය සිනමා දිවියට පිවිසෙන්නේ 1968 දී තිස්ස ලියනසූරියගේ "පුංචි බබා" චිත්‍රපටයෙනි. ඉන්පසු එම වසරේදීම "ඇයඅබුද්දස්ස කාලේ" , "දහසක් සිතුවිලි" සහ "ආදරවන්තයෝ" යන චිත්‍රපට වලද රැගුවාය. ඇය රඟ පෑ සමස්ථ චිත්‍රපට සංඛ්‍යාව 140 ක් පමණ වේ, ඒ අතර විදේශීය චිත්‍රපට ද වෙයි. ඇයගේ සාර්ථකම චිත්‍රපට ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ "නිධානය" , අමරනාත් ජයතිලක ගේ "සිරිපාල හා රන් මැණිකා" , ධර්මසේන පතිරාජ ගේ "එයා දැන් ලොකු ලමයෙක්" සහ "බඹරු ඇවිත්" යන ඒවා හඳුනා ගත හැක . ඇගේ දිවියේ විශේෂ සනිටුහනක් තබමින් ඇය 1984 දී "සසර චේතනා" යන චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කලාය. ඇය විසින්ම 1987 දී "අහිංසා" සහ 1991 දී "ස්ත්‍රී" යන චිත්රපටද අධ්‍යක්ෂණය කෙරිණි. 1978 දී ඇය දෙමළ රංගන ශිල්පී, සිවාජි ගනේෂන් සමග පයිලට් ප්‍රේම්නාත් හි රැඟුවාය. පසුකාලීනව ඇය රූපවාහිනිටද ප්රවිශ්ඨ වූවාය. ඇය රඟ පෑ, මැනලද පුතේ කිරි දුන්නේ, පිටගම්කාරයෝ, කෙම්මුර, අඹු දරුවෝ යන ටෙලිනාට්‍ය සඳහා ප්‍රශංසා හිමි විය. "පිටගම්කාරයෝ" සහ "කෙම්මුර" යන ටෙලි නාට්‍ය වල ප්‍රභාමත් රංගනය වෙනුවෙන් ඇයට සුමති හොඳම ටෙලි නාට්‍ය නිලිය සම්මාන හිමි විය. මාලනී, සැනසිලි සුවඳ, නිරුපාමල වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ලාංකික ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කල පලමු කාන්තාව බවටද පත් වූවාය. මෑත කාලයේ ඇය රග පෑ අවසන් චිත්‍රපටය ලෙස `ප්‍රසන්න වතානගේ "ආකාස කුසුම්" හැඳින්විය හැක. රිදී තිරයේ මාලනීගේ රංගන වෘත්තිය ගාමිණී ෆොන්සේකා සමග තවත් ඔපවත් විය. Malani Fonseka Queen Of Cinema#malanifonseka #samanaleefonseka #senalifonseka #sinhalacinema #srilankanactress #nilirajina #trendingnews
4 months ago (edited) | [YT] | 8
Tune Notes
සඳ තනිවෙලා අහසේ - හිරු තනිවෙලා
උතුරා ගැලූ ගඟුලක් - අද වියලිලා
සුභ ගමන් සෙනෙහෙලතාවෙනි!
නිවනින්ම සැනසීම ලැබේවා!
Rest in peace 🏳️ (1947.04.30 -2025.05.24)
මාලනි සෙනෙහෙලතා ෆොන්සේකා 1947 අප්‍රියෙල් 30 කැළණිය දී උපන් සම්මානනීය ශ්‍රී ලංකා චිත්‍රපට නිලියකි, "සිංහල සිනමාවේ නිලි රැජින" යන විරුදාවලියෙන් හඳුන්වන්නේද ඇයයි.
දශක කීපයක් දිවෙන ඇගේ සිනමා රංගන දිවිය මුලින්ම ඇරඹෙන්නේ 1968 තිස්ස ලියනසූරියගේ "පුංචි බබා" චිත්‍රපටයෙනි. ඇය දක්ෂ නිලියක ලෙස හඳුනා ගැනෙන්නේ 1969 දී ජාතික නාට්‍ය උළෙලදී ''හොඳම නිලිය සම්මානය'' ලබා ගැනීමෙන් අනතුරුවයි.
ඉන්පසු
• 1980 දී හිගන කොල්ලා,
• 1982 දී ආරාධනා,
• 1983 දී යස ඉසුරු
යන චිත්‍රපට වල විශිෂ්ඨ රංගනය හේතුවෙන් ඇය සරසවිය හොඳම නිළිය සම්මානය කීප විටක් දිනා ගත්තාය.
2010 දී ඇය ආසියාව තුල මෙතෙක් බිහි වූ දැවැන්ත රංගන ශිල්පීන් 25 දෙනා ගෙන් අයෙක් බව ඇමරිකානු CNN රූපවාහිනිය විසින් නම් කරනු ලැබීය.
ඇය සිනමා දිවියට පිවිසෙන්නේ 1968 දී තිස්ස ලියනසූරියගේ "පුංචි බබා" චිත්‍රපටයෙනි. ඉන්පසු එම වසරේදීම "ඇයඅබුද්දස්ස කාලේ" , "දහසක් සිතුවිලි" සහ "ආදරවන්තයෝ" යන චිත්‍රපට වලද රැගුවාය.
ඇය රඟ පෑ සමස්ථ චිත්‍රපට සංඛ්‍යාව 140 ක් පමණ වේ, ඒ අතර විදේශීය චිත්‍රපට ද වෙයි. ඇයගේ සාර්ථකම චිත්‍රපට ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ "නිධානය" , අමරනාත් ජයතිලක ගේ "සිරිපාල හා රන් මැණිකා" , ධර්මසේන පතිරාජ ගේ "එයා දැන් ලොකු ලමයෙක්" සහ "බඹරු ඇවිත්" යන ඒවා හඳුනා ගත හැක .
ඇගේ දිවියේ විශේෂ සනිටුහනක් තබමින් ඇය 1984 දී "සසර චේතනා" යන චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කලාය. ඇය විසින්ම 1987 දී "අහිංසා" සහ 1991 දී "ස්ත්‍රී" යන චිත්රපටද අධ්‍යක්ෂණය කෙරිණි.
1978 දී ඇය දෙමළ රංගන ශිල්පී, සිවාජි ගනේෂන් සමග පයිලට් ප්‍රේම්නාත් හි රැඟුවාය.
පසුකාලීනව ඇය රූපවාහිනිටද ප්රවිශ්ඨ වූවාය. ඇය රඟ පෑ,
මැනලද පුතේ කිරි දුන්නේ,
පිටගම්කාරයෝ,
කෙම්මුර,
අඹු දරුවෝ යන ටෙලිනාට්‍ය සඳහා ප්‍රශංසා හිමි විය.
"පිටගම්කාරයෝ" සහ "කෙම්මුර" යන ටෙලි නාට්‍ය වල ප්‍රභාමත් රංගනය වෙනුවෙන් ඇයට සුමති හොඳම ටෙලි නාට්‍ය නිලිය සම්මාන හිමි විය. මාලනී, සැනසිලි සුවඳ, නිරුපාමල වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ලාංකික ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කල පලමු කාන්තාව බවටද පත් වූවාය.
මෑත කාලයේ ඇය රග පෑ අවසන් චිත්‍රපටය ලෙස `ප්‍රසන්න වතානගේ "ආකාස කුසුම්" හැඳින්විය හැක. රිදී තිරයේ මාලනීගේ රංගන වෘත්තිය ගාමිණී ෆොන්සේකා සමග තවත් ඔපවත් විය.
Malani Fonseka Queen Of Cinema
#malanifonseka #samanaleefonseka #senalifonseka #sinhalacinema #srilankanactress #nilirajina #trendingnews
4 months ago (edited) | [YT] | 8