Nirmala Sanjeewani
එදත් මේ වගේම පොසොන් මාසයක්.🌸 පෝය දවස ආපු ගමන් ගෙදර ඇහෙන එකම වචනේ "තාත්තේ කවද්ද තොරණ් බලන්න යන්නේ" ........රෑට රෑ වෙලා දිලිසි දිලිසි නේකවිද වර්ණ මවන , අපූරුවට බුදු සිරිත පෙල ගස්සපු ලස්සන පොසොන් තොරණ බලන එක තමයි ඒ දවස්වල ලොකුම වැඩේ.ඉතිං අපිත් හරි ආසාවෙන් තමයි එදත් තාත්තා, අම්මා , මල්ලි ,ගමේ අයත් එක්ක තොරණ බලන්න ගියෙ.ඒ කාලේ ඉතිං දැන් වගේ බයික් වල බස් වල නෙමෙයිනේ කට්ටිය එකතු වෙලා ලෑන්මාස්ටරේ තමයි යන්නේ .ඒ කාලේ ඉතිං හරි සුන්දරයි.කලින්ම නිදියලා කලින්ම නැගිටලා දුර ගමනක් යන්න වගේ ලෑස්ති වෙන්නෙ.. දන්නවද තොරණට වඩා ඒ කාලේ හිත යන්නේ අර දෙපැත්තෙ තියෙන වයිවාරණ සෙල්ලම් බඩු වලටනේ.මටනම් ඉතිං ඔය තැන් වලට ගියාම අයේ එන්න හිතෙන්නෙ නෑ.තනිකරම පිස්සු තමයි ඒ වෙලාවට මට.කොහොමහරි එදාට ගෙදර යන්නෙ ඔය මොනවමහරි සෙල්ලම් බඩුවක් අරගෙනම තමයි.මල්ලිටනම් ඉතිං ඒ කාලේ තිබ්බෙම වාහන පිස්සුව.එයාට ඉතිං එතන තියෙන ලොකුම සෙල්ලම් වාහනේ තමා අරන් දෙන්නේ.ඒක ඉතිං හෙන වටිනවා.මම ඉතිං පුංචි කාලේ ඉදලම එහෙම ගත්තු සෙල්ලම් බඩු එකතු කරන එක තමයි කරේ.අවුරුදු , මාස ගෙවි ගෙවී පහුවෙද්දි එක අවුරුද්දක් තිබුණා හැමෝම එක්ක තොරණ් බලන්න යන අවසාන අවුරුද්ද වුනු.නොහිතපු විදියට මේ විශ්වය කුමක් හෝ හේතුවකට හැමදේම උඩු යටිකුරු කරපු.එතකොට මම 6 වසරේ.එදත් වෙනදා වගේ පොහොය ගෙවිලා දවස් කීපයක් ගත වුණා. හැමෝම එක්ක ගියත් එදානම් ඒ වයිවාරන බඩු හම්බුනේ නෑ.සමහර විට එයා අතේ සල්ලි නොතිබ්බා වෙන් ඇති එදා..කමක් නැ හිතලා ඉතිං තොරණ් බලල හිස් අතින්ම එන්න ආවේ පොඩි දුකකුත් එක්ක.ගෙදර එන්න ඔන්න මෙන්න කියලා කොහෙදො ඉදන් කෙනෙක් ඇවිත් පුංචි බෝනික්කෙක් අර ලෑන්මාස්ටරේ පුංචි ලී රාමු අස්සෙන් අතේ තිබ්බා.ඔව්හැරිලා බලද්දි එතන හිටියේ එයා..ඒ තමයි තාත්තා.එදා එවෙලෙ උඩ පැන පැන හිනාවුනත් දැන් මේ පුංචි බෝනික්කි දකින වාරයක් ගානේ එන්නේ දුකක්..එදා ඉදන් එයා නැති හැම තොරණ් බැලීමක්ම එපා වෙන තරමට එයා එක්ක ගෙවපු මතක පුදුම තරම් සුන්දර වුණා. එයා හරි පුදුම මනුස්සයෙක් ..🩷 "නමට තාත්තා කියන නම එයාලට ලැබුනට එයාල සසරක්.එයාලට මොකටද වෙනම දවසක්. එයාල දරුවො වෙනුවෙන් කැපකිරීම් ගොඩක එකතුවක්.තාත්තා කියන්නෙම ලෝකයක්...🌏🫶👨👩👧👦නිර්මලා....🦋✍️
4 months ago | [YT] | 15
Nirmala Sanjeewani
එදත් මේ වගේම පොසොන් මාසයක්.🌸
පෝය දවස ආපු ගමන් ගෙදර ඇහෙන එකම වචනේ "තාත්තේ කවද්ද තොරණ් බලන්න යන්නේ" ........
රෑට රෑ වෙලා දිලිසි දිලිසි නේකවිද වර්ණ මවන , අපූරුවට බුදු සිරිත පෙල ගස්සපු ලස්සන පොසොන් තොරණ බලන එක තමයි ඒ දවස්වල ලොකුම වැඩේ.ඉතිං අපිත් හරි ආසාවෙන් තමයි එදත් තාත්තා, අම්මා , මල්ලි ,ගමේ අයත් එක්ක තොරණ බලන්න ගියෙ.ඒ කාලේ ඉතිං දැන් වගේ බයික් වල බස් වල නෙමෙයිනේ කට්ටිය එකතු වෙලා ලෑන්මාස්ටරේ තමයි යන්නේ .ඒ කාලේ ඉතිං හරි සුන්දරයි.කලින්ම නිදියලා කලින්ම නැගිටලා දුර ගමනක් යන්න වගේ ලෑස්ති වෙන්නෙ..
දන්නවද තොරණට වඩා ඒ කාලේ හිත යන්නේ අර දෙපැත්තෙ තියෙන වයිවාරණ සෙල්ලම් බඩු වලටනේ.මටනම් ඉතිං ඔය තැන් වලට ගියාම අයේ එන්න හිතෙන්නෙ නෑ.තනිකරම පිස්සු තමයි ඒ වෙලාවට මට.කොහොමහරි එදාට ගෙදර යන්නෙ ඔය මොනවමහරි සෙල්ලම් බඩුවක් අරගෙනම තමයි.මල්ලිටනම් ඉතිං ඒ කාලේ තිබ්බෙම වාහන පිස්සුව.එයාට ඉතිං එතන තියෙන ලොකුම සෙල්ලම් වාහනේ තමා අරන් දෙන්නේ.ඒක ඉතිං හෙන වටිනවා.මම ඉතිං පුංචි කාලේ ඉදලම එහෙම ගත්තු සෙල්ලම් බඩු එකතු කරන එක තමයි කරේ.
අවුරුදු , මාස ගෙවි ගෙවී පහුවෙද්දි එක අවුරුද්දක් තිබුණා හැමෝම එක්ක තොරණ් බලන්න යන අවසාන අවුරුද්ද වුනු.නොහිතපු විදියට මේ විශ්වය කුමක් හෝ හේතුවකට හැමදේම උඩු යටිකුරු කරපු.එතකොට මම 6 වසරේ.එදත් වෙනදා වගේ පොහොය ගෙවිලා දවස් කීපයක් ගත වුණා. හැමෝම එක්ක ගියත් එදානම් ඒ වයිවාරන බඩු හම්බුනේ නෑ.සමහර විට එයා අතේ සල්ලි නොතිබ්බා වෙන් ඇති එදා..කමක් නැ හිතලා ඉතිං තොරණ් බලල හිස් අතින්ම එන්න ආවේ පොඩි දුකකුත් එක්ක.
ගෙදර එන්න ඔන්න මෙන්න කියලා කොහෙදො ඉදන් කෙනෙක් ඇවිත් පුංචි බෝනික්කෙක් අර ලෑන්මාස්ටරේ පුංචි ලී රාමු අස්සෙන් අතේ තිබ්බා.ඔව්
හැරිලා බලද්දි එතන හිටියේ එයා..
ඒ තමයි තාත්තා.
එදා එවෙලෙ උඩ පැන පැන හිනාවුනත් දැන් මේ පුංචි බෝනික්කි දකින වාරයක් ගානේ එන්නේ දුකක්..
එදා ඉදන් එයා නැති හැම තොරණ් බැලීමක්ම එපා වෙන තරමට එයා එක්ක ගෙවපු මතක පුදුම තරම් සුන්දර වුණා.
එයා හරි පුදුම මනුස්සයෙක් ..🩷
"නමට තාත්තා කියන නම එයාලට ලැබුනට එයාල සසරක්.එයාලට මොකටද වෙනම දවසක්. එයාල දරුවො වෙනුවෙන් කැපකිරීම් ගොඩක එකතුවක්.තාත්තා කියන්නෙම ලෝකයක්...🌏🫶👨👩👧👦
නිර්මලා....🦋✍️
4 months ago | [YT] | 15