Wellcome To SL Shorts Hub


SL SHORTS HUB

ඉතාම ලොකු තේරුමක් තියෙන සත්‍ය කතාවක් ඇසුරෙන් ණිර්මානය උනු ගීතය
⭕-චරිත අතලගේ- *ලංකාවෙ දැක්ක ජාත්‍යන්තරේට යන්න ඕනි දක්ශ කලාකරුවෙක්*
⭕තේරුම කියවලා සින්දුව බලන්න

*

පොළොන්නරුවේ ඉතාම දුරක ජීවත් වුන ජීවිතේට වත් නොදැකපු මනුස්සයෙක් අපේ හදවතට මේ තරම් සමීප කරන්න චරිතට වගේම නමක් ගමක් නොදන්න ඒ පින්තූරකරුවාට තියෙන්නේ පුදුම තරමේ දක්ෂතාවක්. අලි මිනිස් ගැටුම, කොන් තුනක හැංගිච්ච ජීවිත තුනක කඳුළු කතාව හදවතට වදින්න සලස්වපු මේ වගේ නිර්මාණ ලේසියෙන් බිහිවෙන්නේ නෑ.

සිරිල් කියන්නේ පොළොන්නරුවේ ජීවත් වෙන අහිංසක ගොවියෙක්ට. සිරිල්ගේ බිරිඳ රංමැණිකා වකුගඩු ප්‍රශ්නෙකින් මියයනවා. පොළොන්නරුවේ ජීවත් වෙන ගොඩක් ජීවිත නැතිවෙන්නේ කිවුල සහිත වතුර බීලා වකුගඩු නරක් වෙලා. බිරිඳගේ මරණෙන් තුන්මාසෙකට පස්සේ දුව අධ්‍යාපනයට ගම හැරදාලා යනවා. දුව ඉගෙන ගන්නෙ කොළඹ විශ්වවිද්‍යාලයක ඉතින් සිරිල් තනිවෙනවා. හාමිනේ මියගිය දවසේ ඉඳන් ගේ ගාවට එන ඇතින්නිගේ නම රංමැණිකා. සිරිල්ගේ තනි නොතනියට වාගේ ගැවසෙන මේ ඇතින්නි සිරිල්ට දැනෙන්නේ හාමිනේගේ පුනරාගමනයක් විදිහට . මට හිතෙන විඳිහට මියගිය බිරිඳව රංමැණිකේ ඇතින්නිගේ රූපෙන් සිරිල් දකිනවා.

"හවස් යාමෙට නුඹෙ කවි ඇහෙනවා..."

ඇතින්නිගේ කුංචනාද සිරිල්ට හිතෙන්නේ තමන්ගේ බිරිඳ කවි ගායනා කරන විදිහට.

"රැහැයියෝ නාඩන් හාමිනේ තාමත් ඉන්නවා..."

ඇතින්නත් එක්ක හදවතින් බැඳුණු සිරිල්ට ඇතින්නි Zd8 ඇළට වැටිලා මැරෙන එක ඉහිලුම් නොදෙන කාරණයක් වෙනවා. මේ මරණෙට වගකියන්න ඕන එවුන් නිහඬව ඉන්න එක සිරිල්ට ඉහිළුම් දෙන්නේ නෑ.

"වැරදිකාරයෝ මුණිවත රකිනවා
දඬුවම් නැතිබව උන් දන්නවා..."
" නුඹ උඳුරා ගිය ඇල තාමත් ගලනවා..."

අවසානයේ මේ හැමදෙයක්ම විඳදරාගන්න මිනිස්සු තම තමන්ගේ කරුම ගෙවාගන්නවා. මේවා ගොඩනඟන්න හම්බවුණ මුදල් ගසාකෑව නිළධාරියා සිරිල් අතින් මැරුම් කනවා.

බොන්ඩ පිරිසිඳු වතුර ඉල්ලන මේ මිනිසුන්ට වගේම අලින්ට ගම් වඳින්ඩ බැරිවෙන්ඩ හදාපු හයිය වැටක් තමා මේ මිනිසුන් ඉල්ලන්නෙ. ඒ මිනිස්සු හැමදාම පොළවත් එක්ක ඔට්ටු වෙනවා. අලිත් එක්ක ඔට්ටු වෙනවා.අවසානෙට වකුගඩු රෝගෙකින් මැරිලා යනවා.

සිංදුව අවසානෙට කෙඳිරිලි හඬකින් "ඉමං භික්ඛං සපරික්කාරං භික්ඛු සංඝස්ස දේම " කියන නිර්මාණකරුවා මියගිය රංමැණිකෙලා දෙන්නටයි, සිරිල්ටයි ලස්සනට මේ සිංදුව මතක වස්ත්‍රයක් විදිහට පූජා කරනවා.


කුණු රසාස්වාදෙට ඇබ්බැහි වුණ සමාජෙකට සමාජයේ තියෙන මේ වගේ ගැටළු ගීතයක් මඟින් සියුම්ව කන හරහා මොළයට රිංගවපු චරිත ඇතුළු පිරිසට මාගේ කෘතගුණ පිරිනමනවා.මේ වගේ සින්දු trending ආපු දවසට තමා අපි නියම අරගලකාරයෝ වෙන්නේ..,, -චරිත අතලගේ-

2 years ago | [YT] | 2