Hey friends! 🌟 Welcome to my channel! 🎬 I'm Chasun Malshan, and I'm all about spreading positivity, sharing my passions, and living life to the fullest. 🌏
On this channel, you'll find a mix of:
- Random moments from my life 🤣
- Traveling adventures 🌴
- Short, fun videos 😂
- University life hacks and insights 📚
- Behind-the-scenes of my content creation process 🎥
Join me as I navigate through life, share my experiences, and find joy in the little things. 🌈 Subscribe for a daily dose of positivity, laughter, and inspiration! 💖
Chasun Malshan
ඉතිං මේ සරසවි දිවියේ ගෙවුනු
ඇතැම් දිනවල,
සහෝදරත්වයෙන් එක් උනෙමි
සතුරන්ව හැප්පුනෙමි
ආදරෙන් මත් වුනෙමි..
විරහවෙන් බත් උනෙමි..
එකාවන්ව වැඩකරපු දින මෙන්ම
හුදකලාවෙන් මිරිකෙවුනු දින තිබුනි...
ගිය ප්‍රමාණෙට වඩා ලෙක්චර්ස් කට් කලෙමි
සල්ලි කොල සොයාගෙන දහඩියෙන් තෙත් උනෙමි
දිවා රෑ රුහුණ මාවතේ රත් උනෙමි
පැය දෙකෙන් කුප්පිදා එක්සෑම් ගොඩ ගියෙම්
උපාධියෙ විශයන් සමග සමාජයෙ විෂමයන්ද ඉගෙනිමි...
නිදි වරපු දින ගනන් මෙතෙක් යැයි නොකියමි
පිට්ටනිය පුරා දිව් වට ගණන් නිදනිමි
හෙලුව දහඩිය කදුලු කැට තරම් නොගැණිනි
රුහුණ වෙනුවෙන් තරග වැදුනි
රුහුණ දිනෙව්වෙමි
කලාතුරකින් පැරදුනෙමි
දිනුමෙදි ඉස්සුනෙමි
පැරදුමෙදි ෆ්ලැට් උනෙමි
නමුත් එසැනින් නැගිට්ටෙමි
නොගිය සරසවියක් සිහි නොවෙමි
සරසවියෙ නොගිය තැනක් නොකල දෙයක් නැත්තෙමි...
අහිතක් නොසිතා අත දුන් මිනිසුන්ද
දෙන්නා සේ පෙන්නා අත ගැසූ මිනිසුන්ද දුටුවෙමි
වචනෙකින් හෝ සිටිය උන්ටික හදේ ගැඹුරක අමුණමි...
බුද්ධියෙන් ඉදිමී තර නොවී
අත්දැකීමෙන් කෙමෙන් සවි උනෙමි...
පැමිණි කෙලිලොල්,නොමේරූ මිනිසා
සදහටම සරසවි බිම මිහිදන් කර
සොදුරු මතක ගොන්නක් හදේ පුරවාගත්
ගැඹුරු නිහඩ මිනිසෙකු ලෙස
සරසවියෙන් නික්ම යාමට කාළයයි...
7 months ago | [YT] | 12
View 1 reply