Shehan Malik Entertainment



Shehan Malik Entertainment

ලංකාවේ ඔබ සහ මම, මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්ඩ පියවරක් ගනියි කියන මතේ මම අයින් කරේ ගොඩ කාලෙකට කලින්.

පාටකට, පක්ශෙකට, පුද්ගලයෙක්ට රැවටිලා, පිස්සුවෙන් වගේ රස්සාවක් වෙනුවෙන්, යාලුකමක් වෙනුවෙන්, නෑදෑ කමක් වෙනුවෙන් හෝ පුද්ගලික වාසියක් වෙනුවෙන්,යන්ඩ පුලුවන් හැම තැනම කඩේ යන සෙට් එකක් තමයි මම හැමදාම දැක්කේ.

කෙටියෙන්ම script එකේ හැටියට, ගැලරියට ගහන dialogues ටිකක අහු වෙන සෙට් එකක් තමයි මේ මුතු ඇටේ හිටියේ.

මේ අරගලය Do or Die. එක්කෝ වහල් බවෙන් මිදිලා, මේ වැඩවසම් ක්‍රමය ඉවර වෙයි. නැත්තන් ඉතින් ඉදිරිපත් උන් නැති සෙට් එක හිනාවෙයි " කෝ උබලා රට වෙනස් කරාද “ කියලා.

රට වෙනස් උනත් නොවුනත්,,, අපි වෙනස් වෙලා!!! මට නිකන් ඒක මරු වගේ.

ඇයි මේක මට වැදගත්???

1. මේ සටන, පුරවැසි අරගලයක්! ආගමක්, ජාතියක්, පුද්ගලයෙක් මුල් කරන් යන ගමනක් නෙමෙයි. පෞද්ගලිකව, ඉන්ඩ බෑ අමාරුයි කියලා හිතිලා පාරට බැහැපු පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශනයක්.

2. මේ පුද්ගලයෙක් ගෙදර යැවීමට පමණක් කරන සටනක් නෙමෙයි, ඒ tag line එකත් ජනපති සිහින දකින්නෙක්ගේම campaign එකක් විය හැකියි. ඒ නිසා, මේ අරගලය, මුලු පවුලක් පරම්පරාවක් ශ්‍රී ලංකා දේශපාලනයෙන් ඉවත් කිරීමටයි.

3. පුද්ගලයෙක් පාටක් වෙනුවෙන් ජීවිතේට කඩේ ගියෙ නැති මම, මිනිස්සු වෙනුවෙන් යන කඩේ යෑමක්.

4. ඔබ, මම බලාපොරොත්තු උනු ඒ දේශපාලන විප්ලවය මෙය විය හැකියි. දවසින් දෙකෙන් නෙමෙයි. අඩු තරමේ අවුරුදු 10කින් වත්.

අන්තිමට, මේ ලංකාවාසී සියල්ලන්ටම කරන ආරාධනාවයි, මගේ නගරය වන කෑගල්ලේත් ඇතුලුව.

කොළඹට එන්ඩ... රට වටෙන් එන අයගේ එකමුතුව දැක්කම මාර ගැම්මක් එනවා.

මුස්ලිම් සෙට් පාර මැද නෝම්බි අරිද්දී, සිංහල දෙමල සහ අනිකුත් සියලූම ජාතින් හදවතින්ම සහයෝගය දී "අපි එක රටක් යකෝ" කියනකොට....

කොහොමද දැනෙන්නේ බලන්ඩ, අනිවාර්‍යෙන්ම එන්ඩ කොළඹට!!!

මල්ලියේ, නංගියේ, අයියේ, අක්කේ, campaign වලට අහු වෙන්ඩ නන් එපා. එදා මේ ආණ්ඩු පිහිටද්දිත් අහු උනේ campaign වලට තමයි!!! කාගේ කාගෙද කියලා නම් වශයෙන් කියන්ඩ ඕනේ නෑ නේ මං. තාමත් ඒ campaign ක්‍රියාත්මකයි. ඒ නිසා පරිස්සමින්!

අනික, Signal Jam කරනවා එතනට ගියපු ගමන් ආහ්... හැමෝම සෙට් වෙලා යන්ඩ. නැත්තන් අතරමං වෙයි.

මම ශෙහාන් මලික්!

පුලුවන් උනොත්, හෙට රෑත් හම්බෙමු!!!

අපි වෙනුවෙන් කරන අපේ අරගලයට ජය!

3 years ago | [YT] | 57

Shehan Malik Entertainment

කට්ටිය ඉන්නවද මන්දා කාලෙකින් video නැති හින්දා...

ඉන්න කට්ටිය අත උස්සන්ඩ බලන්ඩ !!!!!!!!!!!!!!!!

3 years ago (edited) | [YT] | 56

Shehan Malik Entertainment

ඔන්න හැමෝම බලාගෙන හිටපු ඒ update එක.
2022 අවුරුදු දවසේ, April 14 ඔන්න KGF 2 එනවා...

4 years ago | [YT] | 71

Shehan Malik Entertainment

ආයුබෝවන් හැමෝටම!!! ඔන්න මම Tik Tok වලට එකතු උනා. Tik Tok ඉන්න ඔයාලට පුලුවන් මාව දැන් follow කරන්න. අනිවාර්‍යෙන් එකතු වෙන්න. සිනමාව ගැන සහ ජීවිතේට වැදගත් දේවලුත් ඉතාමත් කෙටියෙන් මම ඔයාලත් එක්ක බෙදාගන්න ලෑස්තියි ❤️

මෙන්න ලින්ක් එක - vm.tiktok.com/ZSJWLoqHM/

4 years ago | [YT] | 41

Shehan Malik Entertainment

Salman Khan ට විරුද්දව තවත් නඩුවක්...

Arun Gupta නැමති තැනැත්තා මෙම පැමිණිල්ල කර ඇත්තේ "රැවටීම සහ මුලා කිරීම" යන චෝදනා යටතේයි.
ඔහු පවසන අන්දමට Being Human Jewellery යටතේ ඔහු brand එකක් ආරම්භ කර ඇති අතර, එයට ඔහු ඉන්දියානු කෝටි 2-3 පමණ වැය කර තිබේ. තවද තම shoowroom එක launch කරන අවස්ථාවේ, ඒ සදහා Salman Khan පැමිනීමට පොරොන්දු උනත්, ඔහු නොපැමිනි බවට Arun චෝදනා කරයි. ඒ වෙනුවට එම අවස්ථාවට සහභාගී වී ඇත්තේ Ayush Sharma යි.
Arun, Salman Khan ඔහුගේ සොයිරිය Alvira Khan සහ තවත් 5 දෙනෙකුට විරුද්දව මෙම පැමිණිල්ල ගොනු කර තිබේ

4 years ago | [YT] | 35

Shehan Malik Entertainment

R.I.P. Dilip Kumar...

The Tragedy King is no more...

බොලිවුඩ් සිනමාවේ පලමු filmfare හොදම නලුවාට සම්මාන ලැබූ, Devdas හි Dev Babu, Mughal - E - Azam හි Saleem, Daag හි Shankar, Ram Aur Shyam හි Ram සහ Shyam. ඔහුගේ චිත්‍රපටි ලැයිස්තුවෙහි අසාර්ථක රංගනයන් නැති තරම්ය.

Imli Ka Boota, Suhana Safar Aur Yeh Mausam වැනි අමතක නොවන ගීත රැසක රූප රචනාවල පෙනී සිටා මෙම විශිෂ්ටයා අද මෙලොවින් සමුගත්තා...

සැබැවින්ම මේ යුගයක අවසානයකි...

4 years ago (edited) | [YT] | 53

Shehan Malik Entertainment

දකුණු ඉන්දියානු නිලියන්ගෙන් Sharukh Khan ට ගැලපෙනම නිලිය Nayanathara ද??? වෙන අදහස් තියෙනවද???

4 years ago | [YT] | 54

Shehan Malik Entertainment

මොකද හිතන්නේ???

4 years ago | [YT] | 37

Shehan Malik Entertainment

මේක උනේ ඊයේ. හැබැයි මම කොහෙවත් publish කරේ නෑ. ඒ උනාට ගොඩක් අය call වලින්, message වලින් සහ
posts වලින් පවා සුබ පැතුවා.

කියන්ඩ වචනත් නෑ,,, ඒ හින්දා කෙටියෙන් කියන්නන්.
මේ ආදරය ලබන්ඩ මම සුදුසුද නැත්ද දන් නෑ. හැබැයි,,,

ස්තූතියි, සහ ඒ ගෞරවයට මම හැමදාම ණයගැතියි ...

Shehan Malik Entertainment You Tube පවුල, සාමාජිකයින් 10 000 කින් ශක්තිමත්.

මම ශෙහාන් මලික්.

4 years ago | [YT] | 138

Shehan Malik Entertainment

Bollywod සිනමා ඉතිහාසය වෙනස් කරපු, එකම දවසේ තිරගත උන සිනමා නිර්මාණ දෙක.

Gadar සහ Lagaan. ජූනි 15ට තිරගත වී වසර 20යි.

ඒ කාලේ හැටියට Highest Bollywood Grosser එක උනා මට මතක හැටියට Gadar. මතකේ හරි නන් Hum Apke Hain Koan record එක කැඩුවේ. වැරදිනන් නිවැරදි කරන්ඩ. Sunny Deol වගේ personality අදටත් Bollywood වල අඩුයි. අඩු උනේ Sunny Deol ට talent එකවත් වාසනාවවත් නෙමෙයි. Marketing. හිටියනන් Bollywood වල superstar culture එක තව දියුණු වෙනවා. Sunny Deol ගේ dialogues අදටත් famous.

Lagaan ගැන කිව්වොත් Indian Cinem International Level එකට ගෙනිච්ච ෆිල්ම් එකක්. Oscar platform එකෙත් මම හිතන්නේ හදුනාගැනීමක් හම්බ උනා. ලොකුම හිට් එක උනේ එදා Gadar, හැබැයි ලොකුම classic එක උනේ Lagaan. Perfectionist ගේ තවත් perfect වැඩක්.

Aamir talented වගේම intelligent. මම කිව්වා marketing strong උනේ නෑ කියලා Sunny Deol ගේ. ඒ නිසා එයා බැහැලා ගියා. පොඩි උදාහරණයක් දෙන්නන් Aamir ගේ marketing වලට. Rab Ne Bana Di Jodi, මාරම hype එකක් තිබුන ෆිල්ම් එකක්. Aditya Chopra කාලෙකට පස්සේ direction වලට බැහැපු ෆිල්ම් එක. Ghajini release වෙන්න සති දෙකකට කලින්ද කොහෙද release උනේ. මම බැලුවා කවුද මේ Murugadas කියලා 😂😂😂

මාරම ගේමක් ගියා. Rab Ne Bana Di Jodi ෆිල්ම් එක මොන වගේ උනත්, අනිවාර්‍යෙන්ම Sharukh Khan ගේ ෆිල්ම් එකක් බලන්න පලවෙනි දවස් තුනේ ලොකු සෙනගක් එනවා. ඒ කාලේ SRK තමයි ලොකුම star විශේෂයෙන්ම 2007 දි Chak De සහ Om Shanti Om success එකත් එක්ක. Aamir ගේ team එක මොකද කරේ? ප්‍රදාන සිනමා ශාලා වල සේවකයෝ එකතු කරලා Ghajini hair style එක කපන්න කිව්වා. මේක කොච්චර නැගල ගියාද කිව්වොත්, Rab Ne බලන්න ආපු හැම්මෝම කතා වෙන්ඩ ගත්තා මේ මොකක්ද මේ කියලා. එතනින් එහාට කතාව දන්නවනේ. Ghajini ඉන්දියාවේ 1st 100 crore movie බවට පත් උනා. මම හිතන්නේ මේ worldwide නෙමෙයි, ඉන්දියාවේ ඇතුලේ. ඒ වසරේ highest grossing ෆිල්ම් එකත් Ghajini. Content strong Rab Ne, සහ Ghajini is a renake. හැබැයි Ghajini success එකට ප්‍රදාන හේතුව මේ Aamir ගේ team එක පාවිච්චි කරපු strategies. Aditya Chopra vs AR Murugadas.

ඉතින් මේ වගේ strategies පාවිච්චි කරේ නැති හින්දා, සුපිරි නලු නිලියෝ නැති උනා. Sunney Deol, Suniel Shetty සහ Akshay Khanna හරියට marketing කරා නන් අද Ajay Akshay Hrithik and 3 Khans level එකේ ඉන්නවා. Brahmastra release වෙන්න කලින් Alia Ranbeer affair එක ඔච්චර hype කරපු එක. ඒ දෙන්නා filmfare හැසිරුන හැටි. මේ ඔක්කොම වෙන්නේ ඔය marketing වලට තමා.

කියන්ඩ හිටියට වඩා කතාව දික් උනාද මන්දා 😂😂😂. කොහොම හරි. මේ දෙකට අවුරුදු 20 යි ඊයෙට.

4 years ago | [YT] | 37