Raamuwa

ආදරණීය මිත්‍රවරුනි,

මාතෘභූමියේ සිටින ශ්‍රීලාංකික ජනතාව ආපදාවකට ලක් වී ඇති මොහොතේ කතාවට වඩා ක්‍රියාව වැදගත් නිසා මාද මාගේ ආදරණීය බිරිඳද පසුගිය දිනවල අපට හැකි අයුරින් ආපදා කලමණාකරනයට සහය ලබා දුන්නෙමු, දෙමින් පවතින්නෙමු.


කෙසේ නමුදු ඉසිඹුවක් ලද මොහොතේ කුඩා සටහනක් තැබීමට සිතුවෙමු. මෙම සටහන ජන කොටස් තුනක් අරභයා ලියැවෙයි.


(01) ආපදාවට ලක් වූ ජනතාව
ඔබ විඳිමින් සිටින වේදනාව ගැන අප දන්නවා යැයි රස මුසා බස් තෙපලීමට තරම් අප මුග්ධ නොවන්නෙමු. එම වේදනාව දන්නේ ඔබ පමණය. කාලය විසින් එම වේදනාව අඩු කරනු ඇත. මනසේ තුවාල සුවපත් කරනු ඇත. ඔබ සිටියාටත් වඩා හොඳ තැනකට ජීවිතයේ නැවතත් පැමිණෙන බව අපට විශ්වාසයි. එසේ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ඉත සිතින් පතන්නෙමු. අපට කල හැකි එකම දෙය නම්,මේ මොහොතේ අත්‍යාවශ්‍ය සේවාවන් සහ පහසුකම් ඔබට ලබා දීමට යම් මට්ටමකින් හෝ සහය දීමයි. එය ඔබ ‘අසරණ වී’ අප ඔබට ‘පිහිට වෙනවා’ නොවේ. මේ අපේ යුතුකම් අපි ඉටු කිරීමකි. 'අසරණ වූවන්’ සහ ‘පිහිට වන්නන්’ වැනි බල ධූරාවලියක් සාදා ගැනීම අවශ්‍ය නොමැත. අපේ රටේ මිනිස්සු බලා ගන්න එක අපේ වගකීමකි, යුතුකමකි. ඒ අපේ සංස්කෘතියේ සුන්දරම කොටසයි.


(02) මාතෘ භූමියේ පදිංචිව සිටින ආපදාවට හසු නොවූ ජනතාව
මේ මොහොතේ හැකි පමණින් සහය ලබා දෙමින් ඔබ බහුතරය ඔබගේ යුතුකම් ඉටු කරන බව අප දනිමු. ඔබට අපගේ ප්‍රණාමය! කෙසේ නමුදු මේ කාරණා තුලදී ඔබගේ ප්‍රවේශම පිළිබඳවත් අවධානයෙන් සිටින්න.
ඔබට යම් ලෙස සහය ලබා දිය හැකි ආකාරයක් තිබෙනවා නම්, ඔබ තවම එසේ සිදුකොට නොමැති නම් ඔබට හැකි පුංචිම දෙයකින් හරි මේ මොහොතේ ආපදාවට ලක් වී ඇති අපගේම ජනතාවට සහය දීමට උත්සාහ කරන්න. එය ශ්‍රමය ලබා දීමෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ වේවා කම් නැත. එසේ කරන විට ‘අසරණ ජනයාට පිහිටවනවා’ වැනි මානසිකත්වයකින් එය කිරීමෙන් වළකින ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිමු. මෙම ජනතාවගෙන් බහුතරයක් තම දෙපයින් සිටගෙන කිසිවෙකුට අත නොපා සිටි ශක්තිමත් මිනිසුන් වන අතර, මේ මොහොතේ තාවකාලික විතැන් වීමකට ලක් වී සිටින අය පමණයි.


(03) මාතෘ භූමියෙන් පිට පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයින්
මේ මොහොතේ අපද ඇතුලු වන්නේ මේ කාණ්ඩයටයි. අපට බොහෝ විට හැකි වන්නේ බිම් මට්ටමේ සිට ආපදා කලමණාකරයට උරදෙන අපගේ ජනතාව හට මූල්‍යමය ආධාර මගින් සහය වීමයි.
මෙසේ කිරීමේදී, මේ මොහොතේ අප භාවිතා කරන ක්‍රියාමාර්ගය නම්, අප පෞද්ගලිකවම හොඳින්ම දන්නා, විශ්වාසවන්න අය විසින් ක්‍රියාත්මක කරන, කුඩා ක්‍රියාන්විත තෝරාගෙන ඒවාට කෙලින්ම මූල්‍යමය ආධාර ලබා දීම සහ එම ක්‍රියාන්විත පිළිබඳව හැකි පමණින් සොයා බැලීමයි.
උදාහරණයක් ලෙස, මාගේ ඉතා විශ්වාසවන්ත මිතුරෙකු, ඔහුගේ මව සහ අසල්වැසියන් කිහිප දෙනෙක් එකතුව ගෙවල් ලඟ පන්සලේ රැස්ව සිටින ජනතාවට ආහාර සහ වතුර ලබා දීමට සැලසුම් කල ක්‍රියාන්විතයට මූල්‍යමය ආධාර ලබා දීම.
මෙවන් ඔබ විසින්මද පෞද්ගලිකව හොඳින්ම දන්නා ‘බොක්කෙන්ම’ වැඩේ කරන බව දන්න, වෙන අරමුණු නැති බව දන්න , කුඩා ක්‍රියාන්විත වලට වෙන වෙනම මූල්‍යමය ආධාර ලබා දීම මගින් මූල්‍යමය සම්පත් අවභාවිතා වීමට ඇති සම්භාවීතාවය අඩු වන බව අපගේ අදහසයි. මන්ද එම මූල්‍යමය සම්පත් වල සම්පූර්ණ ප්‍රතිලාභය ආපදාවට ලක් වී සිටින ජනතාව වෙත ලැබෙන බව තහවුරු කර ගැනීම වැදගත් නිසා.
එම නිසා නොදන්නා තුන්වන පාර්ශව වලට මූල්‍යමය සම්පත් ලබා දීමේදී ප්‍රවේසම් වෙන ලෙස යෝජනා කරන්නෙමු . ඔබගේ මූල්‍යමය සම්පත් අවභාවිතා වීමේ වේදනාවටත් වඩා, ඒවා අවශ්‍ය ජනතාව වෙත නොලැබීම නිසා ඔබට දැනෙන වේදනාව විශාල බව අප දන්නා නිස එසේ යෝජනා කලෙමු.



අවසාන වශයෙන්, ශ්‍රී ලාංකිකයින් වන අපි ශක්තිමත් මිනිස්සු! නහය ලඟට එරුණත් ආපහු ගොඩ ඇවිල්ලා දෙපයින් හිට ගන්න මිනිස්සු! අපිට ඕනෑම දේකින් ගොඩ එන්න පුලුවන්! එකතු වෙලා වැඩ කරමු!

1 week ago | [YT] | 4,425

Raamuwa

හිතාදර මිත්‍රවරුණි... රසබර රාමුව වැඩසටහනක් සමඟින් ලබන ඉරිදා (ඔක්තෝබර් 5 වනදා) ලංකාවේ වේලාවෙන් සවස 7:00 ට හමුවෙමු. මේ ගැන පල කල කුඩා වීඩියෝවක් පහත ලින්ක් එක හරහා... ජයෙන් ජය!

www.facebook.com/share/v/1BcctZB34a/

2 months ago | [YT] | 6,837

Raamuwa

මා ලෙස වංචනිකව පෙනී සිටිමින් මුදල් ගැරීමට උත්සාහ කල තක්කඩියාගේ Patreon page එක reports දහස් ගණනක් ගසා වස්සවා දැමූ මිත්‍රවරුන්ට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමි! මිනිස් සමාජය යනු තිරිසන් සතුන්ට අන්ත දරුණු සතුන් ගහණ කැලයකි. ඒ අතර සැබෑ ගුණ දහමින් පිරිපුන් මිත්‍රවරුන් පිරිසක් අප වඩා එකතු වී සිටීම අපගේ භාග්‍යයකි.
එමෙන්ම සමාජයට යහපතක් කිරීමට උත්සාහ කරන මා වෙනුවෙන් පෙනී සිටීමට මිලියන භාගයකට ආසන්න හෘදයාංගම මිත්‍රවරු සිටීම සැබැවින්ම සවියකි. ඒ හරහා මා ඔබ වෙනුවෙන් කරගෙන යන වැඩකටයතු බාධාවකින් තොරව කරගෙන යෑමට මට ඉඩ ලැබේ.මගේ කාර්යභහුලත්වය අතර වුවද රාමුව නාලිකාවේ මීලඟ වැඩසටහනට අදාල විශාල දත්ත එකතු කිරීමන් මේ වන විට කරගෙන යමින් සිටින්නෙමි. සති කිහිපයකින් එම වැඩසහන රාමුවේ පල කරන්නම්.
එවිට හමුවෙමු!
ජය!
~ Randika

9 months ago | [YT] | 5,183

Raamuwa

සුභ නව වසරක් වේවා මිත්‍රවරුනි!
මා වසර ගණනාවක් තිස්සේ සෙමෙන් සෙමෙන් දත්‍ත එකතු කල සංකීර්ණ මාතෘකාවක් මෙම වසරේ පලමු වැඩසටහන ලෙස ලබන ඉරිදා (ජනවාරි 19) ලංකාවේ වේලාවෙන් සවස 7:30 ට ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමි. එහෙනම් පොඩි snack එකක්, රසවත් තේ බිඳක් එහෙම සූදානම් කරගෙන ලබන ඉරිදා රෑ 7:30 ට රාමුව වටා rock වෙමු!
ජයෙන් ජය!

11 months ago | [YT] | 7,511

Raamuwa

ආදරණීය මිත්‍රවරුනි,
සති කිහිපයක විරාමයකින් පසුව නව අවුරුද්දේ ජනවාරි මස 'සුභ නැකතින්' පට් පට් ගා නැවත හමුවෙමු!

එතෙක් රන්දික විජේසිංහ නාලිකාවෙන් පල කෙරෙන වැඩසටහන් කැමති අයට නැරඹීමට පුළුවන්.

ජයෙන් ජය!

1 year ago | [YT] | 5,605

Raamuwa

මනසට අනාගතය දැනීම - ලොව හෙල්ලූ පර්යේෂණ මාලාව
https://youtu.be/iQps2kE3Dhs

1 year ago (edited) | [YT] | 2,810

Raamuwa

බුදුන්වහන්සේ දුටු භව යාන්ත්‍රණය. හෙට (2024 ජූනි 2 වන ඉරිදා ) ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7:00 ට. රාමුව නාලිකාවෙන්.

Promo Video: www.facebook.com/share/v/3eNhLqeoUsv8HQy7/

එහෙනම් ආදරණීය මිත්‍රවරුනි, හෙට මුණ ගැසෙමු.

ජයෙන් ජය!

1 year ago (edited) | [YT] | 4,742

Raamuwa

මෙම පෝස්ට් එකේ pin කොට ඇති කමෙන්ටුව කියවන්න. ස්තූතියි.

1 year ago (edited) | [YT] | 3,762

Raamuwa

අපෙන් අවුරුදු තෑග්ගක් ඔන්න අපේ ආදරණීය මිත්‍රවරුන්ට එකතුවෙලා බලන්න අවුරුදු නිවාඩුවේ 🙂.

ඔබ සැමට සතුට සෞභාග්‍ය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා...!

https://youtu.be/uYDXm4gFbvY

1 year ago | [YT] | 2,954

Raamuwa

ආදරණීය මිත්‍රවරුනි,

නොවැළැක්විය හැකි හේතූන් කිහිපයක් නිසා ගිය සතියේ රාමුව වැඩසටහන විකාශය කිරීමට නොහැකි විය. රසබර වැඩසටහනක් සමඟින් ලබන සතියේ හමු වෙමු.

ජය!
~ Randika

1 year ago | [YT] | 3,343