Learn with Rukmal

Video creator of sri lanka.


Learn with Rukmal

2023 න් මම ඉගෙනගත්ත පාඩම් 23 ක් !

1. මම 2023 දී වාදකිරීම් වෙනුවට නිශ්ශබ්දව සිටීමට තෝරා ගත්තා. සමහර මිනිස්සු දැන් මට කුරුල්ලෙක් පෙන්නලා ඒ ඉන්නෙ අලියෙක් යැයි කිව්වොත් " නෑ ඒ ඉන්නෙ කුරුල්ලෙක් යැයි මා ඔවුන්ව නිවැරදි කරන්නට යන්නේ කලාතුරකින්.

2. මම 2023 දී පලිගැනීම වෙනුවට සමාව දෙන්න පුරැදු වුනා. ඉස්සර මිනිස්සු මම ලියන කියන ඒවාට හිනාවෙද්දි එක එක කතා කියද්දි මා ඒ මිනිස්සු සමග වෛර බැදගත්තා. ඔවුන් එකක් කියද්දි මම දාහක් කියා ඔවුන්ගෙන් පලිගත්තා. නමුත් 2023 දී මා ඔවුන්ට සමාව දෙන්න ඉගෙනගත්තා. ඔවුන් මා ගැන දැන් කුමක් කොතනක කිව්වත් මා ඒ ගැන දශමෙකවත් තැකීමක් කරන්නෙ නෑ. දැන් ඒවා නොදැක්ක ගානට ඉන්න තරම් මම ශක්තිමත්. පලිදරන්නට හෝ ඔවුන් ගැන වෛර බැදගන්නට හෝ දැන් මට ඒ ගැන බැදීමක් නැහැ.ඒ නිසාම මගේ හිත දැන් සැනසීමෙන්.

3. 2023 දී මා සිනහව තෝරා ගත්තා. Negative මිනිස්සු , සෑම විටකම රන්ඩු සරැවල් කරන මිනිස්සු , කුඩා දේටත් මත ගැටුම් ඇති කරන මිනිස්සු වෙනුවට මා ධනාත්මක සිනහවෙන මිනිසුන් තෝරා ගත්තා. සතුට බෝ වෙනවා යැයි මා ඇසූ දේ සත්‍යයක්. සතුටින් සිටින මිනිසුන් ලග සිටියත් අපේ හිත සැනසීමෙන් පිරෙන බව මා 2023 දී අත්දැකීමෙන් දැනගත්තා.

4. කොතරම් කැපකිරීම් කලත් යම් දේවල් වල උපරිම ඵලයක් ලබාගැනීමට නොහැකි බව මා 2023 දී ඉගෙනගත්තා. මම සමහර දිනවල නොනිදා කල වැඩවල මට 100% ක output එකක් ලබාගැනීමට හැකිවූයේ නෑ. ඒ නිසා මම ඉගෙනගත්තා කොතරම් උත්සාහ කලද සමහර දේ 100% ක් කරගැනීමට හැකියාව නැති වග හා එය මගේ ගැටලුවක් නොවන බව.

5. 2023 දී මා ඉගෙගත්තා අපේ පවුල සෑම දේකටම වඩා වැදගත් වෙන බව. මම මේ අවුරැද්දේ වැටුනු හැම තැනකදිම මට මගේ පවුල උදව් කලා.

6. 2023 දී මා කෙනෙක්ගෙන් උදව් ඉල්ලීම ලැජ්ජාවක් නොවන බව ඉගෙනගත්තා. සෑම දේම තනියම මම කරගන්නවා යැයි සිතා සිටියත් කෙනෙක්ගෙන් උදව් ලබාගැනීමට සිතීම වැරැද්දක් නොවන බව මම සිතාගත්තා. එය මගේ පීඩනය අඩු කරගන්නට මට උදව් වුනා.

7. සෑම දේම සෑම කෙනෙක්ටම කිව යුතු නැතැයි මම 2023 දී ඉගෙනගත්තා. සමහර දේ අපි අන් අයට කී විට ඔවුන් සිතන්නෙ ඔවුන්ගේ මානසික මට්ටමින් නිසා අපේ හිතේ තියෙන සෑම දෙයක්ම අපි අන්අයට කිව යුතු නැතැයි මම ඉගෙනගත්තා.

8. පරන ඇදුම් , පරන භාණ්ඩ නැවත නැවත පාව්ච්චි කිරීම ලැජ්ජාවක් නොවේ යැයි මා 2023 දී ඉගෙනගත්තා. සමාජය තෘප්තිමත් කිරීමට අප ණය විය යුතු නැති බව මම දැනගත්තා.

9. අපගේ දුරකථනයට අප ලබාදෙන කාලයට වඩා අපගේ සමීපතමයන් සමග අපි කාලය ගත කලයුතු යැයි මම 2023 දී දැනගත්තා.

10. අපි කොතරම් උත්සහ කලත් අපි ආසාකරන දේවල් අපට ලැබෙන්නේ ඒවා ලැබිය යුතු හරිම කාලයේදි බව මම 2023 දී ඉගෙනගත්තා.

11. අපි දෙයක් වෙනුවෙන් හදවතින්ම පාර්තනා කරද්දි දෙවියන් ඊටත් වඩා හොද දෙයක් අපේ ජීවිතේට ලබාදෙන බව 2023 දී මම අත්දැකීමෙන් දැනගත්තා.

12. ජීවිතයේ ඇති සියලු දේට වඩා වැදගත්ම දේ සෞඛ්‍ය සම්පන්නව සිටීම බව මම 2023 දී ඉගෙනගත්තා.

13. අප මොනතරම් කැපකිරීම් කලත් සමහර මිනිස්සුන්ව කිසිදා සතුටු කල නොහැකි බව මම 2023 දී ඉගෙනගත්තා.

14. අපි අපේ හීන වෙනුවෙන් දෙයක් මහන්සි වී කරද්දි විශ්වයෙන් ලැබෙන සහයෝගය ඉතාමත් වැඩි බව මම අත්දැකීමෙන් දැනගත්තා.

15. 2023 දී මම මිනිසුන් වෙනුවට මානසික නිදහස තෝරාගත්තා.

16. 2023 දී මගේ හීන වලින් බාගෙට බාගයක් මුදල් වලට ඉටු කල හැකි බව මම තේරුම් ගත්තා. ඒ නිසා සල්ලි හොයන්න මම මහන්සි වුනා.

17. අපි කෙනෙකුට දෙන දේවල් පරිත්‍යාග වලින් අපිට නැවත් ලැබෙන පිං හෝ අනෙකුත් වරප්‍රසාද ගැන නොසිතා ඉන්න මම 2023 දී ඉගෙනගත්තා. දුන් දේ එතනින් ඉවරයි. නමුත් විශ්වයෙන් දුන්නාටත් වඩා වැඩියෙන් මගේ ජීවිතයට නැවත ලබාදුන්නා.ඉතින් මට පුළුවන් විදියට නැති බැරි මිනිස්සුන්ට උදව් කරන්න මම පුරුදු වුනා.

18. කුඩා කුඩා දේවල් වලින් සතුටු වෙන්න උත්සහ කරද්දි ජීවිතය හරි සැනසීමෙන් ගෙවන්න හැකි බව මම 2023 දී ඉගෙනගත්තා.

19. මෝඩ ලෙස , අන්ධ ලෙස මිනිසුන් විශ්වාස කරන්නට යෑම ඉතා අනුවන වැඩක් බව මම ඉගෙනගත්තා.අපිව ඇස් පනාපිටම රැවටූ මිනිස්සුන්ට ඒවා කර්මය ලෙස නැවත විදින්නට වෙන බව මම අත්දැකීමෙන් 2023 දී දැනගත්තා.

20. අපි සිතාගෙන සිටි ඉතා කුඩා මිනිසුන් ලග බොහෝ මනුස්සකම් ඇති බව මම ඉගෙනගත්තා. ඒ නිසා මිනිසකුගේ බාහිර ස්වරෑපයෙන් මිනිසෙකු judge කිරීම මම 2023 දී නවතා දැම්මා.

21. හැමදේම තනියම කරගත්තද සැමවිටම කෙනෙකුට රුකුලක් වෙන්න ආදරණීය උරහිසක් අවශ්‍ය බව මම 2023 දී ඉගෙනගත්තා. ඒ නිසා සල්ලි බලය රෑපය පසෙකලා මට හදවතින්ම ආදරේ දෙන්නන්ට මගේ ජීවිතේ පලමු තැන දෙන්න මම ඉගෙනගත්තා.

22. මම ගන්නා තීරණවල වගකීම මමම ගතයුතු බව 2023 දී මම ඉගෙනගත්තා. යම් යම් කාරනා වලදී අනික් අය කියන දේ නොඅසා මම ගත් තීරණවල වගකීම මා විසින් ගත යුතු බව මම දැනගත්තා.

23. ජීවිතය කිසිවිටෙකත් පහසු නොවන බව හා සතුටින් ජීවත් වීමේ රහස නම් තමා වෙන කිසිවකු සමග සංසන්දනය කිරීමට නොයෑම හා ජීවිතේන් අපිට ලැබෙන සරල දේට පවා ස්තූතිවන්ත වීම බව මම 2023 න් ඉගෙනගත්තෙමි.

පියුමි කෞශල්‍යා
Attached 72 Photos from 2023 !
Thank you 2023 ! Um so greatful 🙏

2 years ago | [YT] | 2

Learn with Rukmal

අවංක ආදරේ කරපු අයට විතරයි මේ දුක දැනෙන්නෙ.

2 years ago | [YT] | 1

Learn with Rukmal

ලෝකයේ විශාලතම බල්ලා 🐕

ගිනස් ලෝක වාර්තා පොතට අනුව ලෝකයේ විශාලතම සුනඛයා ජර්මානු සුනඛ Zeus වේ. ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් හි ජීවත් වූ මෙම සුනඛයා සෙන්ටිමීටර 112 කට ආසන්න උසකින් සහ බර කිලෝග්‍රෑම් 70 කට වඩා වැඩි විය. සියුස් 2014 දී මිය ගියේය

2 years ago | [YT] | 1

Learn with Rukmal

ඔන්න කාන්තාවක් සාප්පු සවාරියක් ගියා..
ඉතිං... ඕන දේවල් අරන් බිල ගෙවන්න කවුන්ටරේට ඇවිත් පර්ස් එක ඇරියම... කැෂියර් දැක්කෙ ඒක ඇතුලේ ටීවී රිමෝට් එක.. !
👀

දැන් කැෂියර් ට මාර කුතුහලයක් ... 🤔🤔🤔

හිතේ තියං ඉන්න බැරිම තැන කැෂියර් ඇහුවා "හැමදාම යන හැම තැනම රිමෝට් එක අරං යනවද මැඩම්..?" කියලා ...

"අහ්.. නෑ.. හැමවෙලාවෙම නෙවෙයි... මගේ හස්බන්ඩ් මාත් එක්ක ශොපිං එන්න බෑ කිව්වා අද ෆුට් බෝල් මැච් එක බලන්න ඕන නිසා.. ඉතිං මං රිමෝට් එක අරං ආවා" ඇය පිළිතුරු දුන්නා..

(පාඩම - ඔබගේ බිරිදගේ විනෝදාංශ වලට සහයෝගය දී ඇය සමග ඉන්න 👫 👫 👫)

කතාව තවත් දිගට තියෙනවා... 🙄🙄🙄🙄🙄🙄

කැෂියර් ට හොදටම හිනා..

ඒත් කැෂියර් ඇයගත් දේවල් ආපහු තියන්න පටන් ගත්තා..
😲😲😲😲😲

කාන්තාව පුදුම වෙලා ඇහුවා "මොකක්ද ඔය කරන්නෙ" කියලා.

"සමාවෙන්න මැඩම්.. මහත්තයා මැඩම්ගේ ක්‍රෙඩිට් කාඩ් එක බ්ලොක් කරලා... " කැෂියර් කිව්වා..
😦😦😦😦😦

(පාඩම - හැමවෙලාවේම ඔබේ ස්වාමියාගේ විනෝදාංශයට ගරු කරන්න 😎😎😎😎)

කතාව තවත් දිගට තියෙනවා
🙄🙄🙄🙄🙄

කාන්තාව පර්ස් එකෙන් ඇදලා ගන්නවා තවත් ක්‍රෙඩිට් කාඩ් එකක්.. ඒක හස්බන්ඩ් ගෙ එක.. අවාසනාවකට ඒක බ්ලොක් කරන්න ඔහුට අමතක වෙලා.. 🤔🤔🤔🤔🤔🤔

(පාඩම - ඔබේ බිරිදගේ බලය සහ මොළය අවතක්සේරු කරන්න එපා 🤗🤗🤗🤗)

කතාව තව ඉවර නෑ 🤔🤔🤔🤔

දැන් හස්බන්ඩ්ගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න හදන්නෙ.. එතකොට මැෂින් එකේ එනවා පණිවිඩයක් "මෙය භාවිතා කිරීමට ඔබේ ජංගම දුරකථනයට ලැබුන PIN අංකය ඇතුලත් කරන්න"

(පාඩම - පිරිමියා පැරදෙන්න යනකොට මැෂින් එක ඔහුව බේරගන්න තරම් දක්ෂ වෙනවා.. 😋😋😋😋😋)

ඒත් කතාව ඉවර නෑනෙ...
😜😜😜😜

ඇය හිනාවෙලා ඇගේ බෑග් එකට අත දාලා ගන්නවා ජංගම දුරකතනයක්.. ඒකේ පෙන්නන්නෙ මේ දැන් ආව මෙසේජ් එක..
එයා හස්බන්ඩ්ගේ ෆෝන් එකත් අරං ඇවිත් ශොපිං කරද්දි එයාට කෝල් කරකර කරදර කරාවි කියලා හිතලා 😉😉😉😉

ඉතිං එයා හස්බන්ඩ්ගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවලා බඩුත් අරන් සතුටින් ගෙදර ගියා..
👱👱👱👱

(පාඩම - අපේක්ෂා සහගත බිරිදව අවතක්සේරු කරන්න එපා 😦😦😦😦)

තවමත් කතාව ඉවර නෑ ඉතිං ...

ඇය ගෙදර එනකොට ඔහුගේ කාර් එක නෑ.. 🤔🤔🤔🤔🤔

දොරේ අලවලා තියෙනවා පොඩි නෝට් එකක්.. ✍💌💌✍

"රිමෝට් එක හොයාගන්න බෑ. මම යාලුවෝ එක්ක එලියට යනවා මැච් එක බලන්න.
එන්න පරක්කු වේවි..
ඔයාට මොනවා හරි ඕනනම් මගේ මොබයිල් එකට කෝල් කරන්න... "
😆😆😆😆

මදෑ... මොබයිල් එක ඈ ගාව .. හස්බන්ඩ් ගිහිං තියෙන්නෙ ගෙදර යතුරුත් අරං...
😂😂😂😂😂

(පාඩම - ඔබේ සැමියාව පාලනය කිරීමට නොයන්න.. අවසානයේ පැරදුම ඔබටයි )

🙏🙏🙏🙏🙏🙏🙏 author - sandaruwan konara

2 years ago | [YT] | 0

Learn with Rukmal

ජූනෝ අභ්‍යවකාශ යානයෙන් ලබාගත් බ්‍රහස්පතිගේ වලාකුළු වල ඡායාරූපයක්. බලන්න හරි ලස්සනයි නේද? ලයික් එකක් දාගෙන යමු?

2 years ago | [YT] | 0

Learn with Rukmal

ලොව පුරා වසරකට කෙසෙල් බිලියන 100 ක් පමණ පරිභෝජනය කරයි

2 years ago | [YT] | 0

Learn with Rukmal

මේ කතාව ඇත්තද බලන්න.... 👇
* සංසර්ගයට පෙර😍
ඔහු - බබා ඔයා ලෑස්තිද ?
ඇය - ඔවු පැටියො මම ලෑස්ති අපි මේ වෙනුවෙන් අවුරුදු දෙකක් බලන් හිටියා
ඔහු - ඔවු මගේ රත්තරං
ඇය - පොරොන්දු වෙන්න මගේ verginity එක ඔයාට දුන්නට පස්සෙ ඔයා මාව දාල යන්නෑ කියලා
ඔහු - මම පොරොන්දු වෙනව මැණික
ඇය - අපි කොන්ඩම් එකක් පාවිච්චි කරනවද බබා
ඔහු - පැටියො මට ඔයාව විශ්වාසයි ඔයාට මාව විශ්වාසයි . මට කොන්ඩම් එකක් පාවිච්චි කරන්න හේතුවක් පෙන්නෙ නෑ ඒ නිසා..
ඇය - ඔවු මට ඔයාව විශ්වාසයි
ඔහු - ඔයාට විශ්වාසද ඔයා මේකට සූදානම් කියලා.
ඇය - ඔවු පැටියො මම සූදානම්
* මිනිත්තු 20 කට පසු
ඔහු - ඒකනම් මාරම හැගීමක් බබා ඒක නියමයි
ඇය - ඔවු ඒක නියමයි.. ඒත් මට ටිකක් රිදෙනවා බබා
ඔහු - අනේ පැටියෝ ඔයාට රිදෙනව ඇත්තේ මේක ඔයාගේ පලවෙනි වතාව නිසා ..
ඇය - හරි මං හිතනව ඊලග සැරේ එහෙම වේදනාවක් දැනෙන එකක් නෑ කියලා
ඔහු - නෑ පැටියො දෙවෙනිපාර එහෙම රිදෙන්නෙ නෑ
* දවස් කීපයකට පසු
ඇය - බබා මම pregnant 😥
ඔහු - මොකක් ????
ඇය - අඩමින් මම අම්ම කෙනෙක් වෙන්න යනවා 😥
ඔහු - වචනයක් වත් නොකිය එතනින් එලියට යනව.. ගිහින් අයිත් විනාඩි 15 කට පස්සෙ එතනට එනවා..
ඔහු - ඔයා මාව මේ ලොකෙ ඉන්න සතුටුම මනුස්සය බවට පත් කලා . ( මුදුවක් දිගු කරමින් ඇය ලග දනින් වැටී )
ඔයා මාත් එක්ක විවාහ වෙනවද ?? ඔහු
ඇසුවා
ඇය - ඔවු මම ඔයා එක්ක විවාහ වෙනවා ( සතුටු කදුලු සලමින් )
ඔහු - මං ඔයාට ආදරෙයි මගෙ මැනික..
ඇය - මමත් අදරෙයි පැටියෝ
* මාස 9කට පසු
ඇය ලස්සන පුතෙකු බිහි කරා
* ඔවුන් දෙදෙනා දැන් විවාහ වී ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා❤️
* මේක කියවන ඔයාල ඔක්කොම මැදදි හිතුවෙ ඔහු ඇයව අනාත කරල පැනල යයි කියල නේද ..
ඊට වසරකට පසු තම දරුවාද අත හැර ඇය ඔහුගෙන් දික්කසාද වි වෙනත් පිරිමියෙකු හා විවාහ වුනා..
තේරුම් ගන්න ස්ත්‍රිය යනු ලෝකේ සිටින තේරුම් ගැනීමට අපහසුම ජීවියා බව. එවැනි ස්ත්‍රීන් ජීවිතයම කර ගැනීමට පෙර දෙවරක් සිතන්න හොදින් අද්‍යනය කරන්න. රෙද්ද හැට්ටෙ ඇන්දත් පොශ් විදියට ඇන්දත් ඇතුලේ ඉන්නෙ , වෙනස් නම් වලින් වෙනස් ශරීර වලින් එකම සිතුවිලි සමූහයක් තියන පිරිසක් බව..
කාන්තාවන් බොහෝවිට පිරිමියාගේ අවන්ක බව ගැන මැසිවිලි නැගුවද බොහො ගැහැනුන් මිරිමියාට වඩා වංචනිකය ,සත්‍ය සගවයි . බොහො විට ගැහැනියක් නිසා රැවටෙන්නේ පිරිමින්ය. 80% ක් පමණ ගැහැනුන් පිරිමියෙකුට ලංවන්නේ ඔහුගෙන් තාමාට ලැබෙන දේවල් වෙනුවෙනි..ඇය පතන සැප සම්පත් යාන වාහන ඔහුගෙන් ඇයට නොලැබේ යයි හැගුනු විට දෙවරක් නොසිතා තවත් පිරිමියෙකු වෙත යන ගැහැනුන් අද සමාජයේ බහුලය .ඔවුන්ට ආදරය යනු ලිංගික හා බවුතික සැප සම්පත් අතර සිදුවන ගනුදෙනුවක් පමණි . එවැනි ගැහැනුන් කල් තියා හදුනා ගැනීමට අනිවර්‍යෙන් ඔබ එවැනි ස්ත්‍රියක් නිසා එක් වරක් හො රැවටී තිබිය යුතුය. ලස්සන මූනු ශරීර පිටුපස සර්ප විස තිබිය හැකිය.කැතයි කියල අපි හිතන සමහර මූනු ලග රත්තරං හා සමාන ආදරනීය හදවත් තිබිය හැකිය .
එම නිසා ගැහැනියක ජීවිතයට ළං කර ගැනීමට පෙර 100 වතාවක් වත් සිතන්න.

Copied.........

2 years ago | [YT] | 1

Learn with Rukmal

පෘථිවියේ ජීවත්වන මිනිසුන්ගේ ජනගහනයට වඩා එක් පුද්ගලයෙකුගේ මුඛ කුහරය තුළ සිටින බැක්ටීරියා ප්‍රමානය වැඩි ය.

2 years ago | [YT] | 2

Learn with Rukmal

මරන දන්ඩනයට නියම කල බොහෝ ඇමරිකානුවන් ඔව්න්ගෙ අවසන් රාත්‍රී ආහාරය සඳහා ප්‍රංශ ෆ්‍රයිස්, ස්ටීක්ස් සහ හැම්බර්ගර් සහ චීස්බර්ගර් ඉල්ලා තිබේ.

2 years ago | [YT] | 1